කාලගුණය

නිරිත දිග පළාත්වලට වැසි සහ තද සුළං අවදානමක්

නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින පුරා ක්‍රමයෙන් සක්‍රීය වෙමින් පවතින බැවින් ඉදිරි දින කිහිපය තුළ නිරිත දිග ප්‍රදේශවල වැසි ප්‍රමාණය වැඩි විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

අද (25) අලුයම 5.30ට නිකුත් කළ නවතම කාලගුණ නිවේදනයට අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලටද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව පවතී.

එම ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 75 ඉක්මවන තද වැසිද ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. තවද ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන කිහිපයකට පස්වරු 1.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද සඳහන් වේ.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්, උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වලට අමතරව ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේද පැයට කිලෝමීටර් 30ත් 40ත් අතර වේගයක තද සුළං හමන අවදානමක් පවතින බව කාලගුණ අංශය පවසයි.

ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී අකුණු සහ තාවකාලික තද සුළං හේතුවෙන් අනතුරු සිදුවිය හැකි බැවින් ජනතාව අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙසද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button