
ක්‍රීඩා
ප්‍රමෝද්‍යගෙන් ක්‍රීඩා ඇමතිට විශේෂ ඉල්ලීමක්
ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ හිටපු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා වෙත විශේෂ ලිපියක් යොමු කර තිබේ.
තේරීම් කමිටුව ප්‍රතිසංවිධානය කිරීම සහ තමන්ව ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් මේ දක්වා කිසිදු ලිඛිත දැනුම්දීමක් ලැබී නොමැති බව එම ලිපියෙන් ඔහු සඳහන් කර ඇත.
එවැනි නිල දැනුම්දීමක් ලබාදෙන්නේ නම් සිය වගකීම් වෘත්තීයමය ආකාරයෙන් අවසන් කිරීමට සහ පෞද්ගලික වාර්තා නිවැරදිව පවත්වාගෙන යාමට පහසු වන බවද ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා පෙන්වා දෙයි.
තවද ක්‍රීඩාවේ දියුණුව වෙනුවෙන් ගනු ලබන පරිපාලන තීරණ තමන් ගෞරවයෙන් පිළිගන්නා බව සඳහන් කළ ඔහු, මෙම තීරණයට හේතු පැහැදිලි කරන ලෙසද අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.



