
වැසි සුළං බලපෑමෙන් නිවාස 141කට අර්ධ හානි
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයක නිවාස 141ක් අර්ධ හානියට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි.
පසුගිය 10 වැනිදා සිට අද (16) දක්වා කාලය තුළ මෙම නිවාස හානි වාර්තා වී ඇති අතර, රත්නපුර දිස්ත්‍රික්කයේ එක් නිවසක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවද සඳහන් වේ.
අර්ධ හානියට ලක්වූ නිවාස අතර වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කළුතර දිස්ත්‍රික්කයෙන් වන අතර එහි නිවාස 78ක් හානියට පත්ව තිබේ. එමෙන්ම මඩකලපුවේ නිවාස 25ක්, රත්නපුරයේ 12ක්, ගාල්ලේ 6ක් සහ කොළඹ දිස්ත්‍රික්කයේ නිවාස 5ක්ද බලපෑමට ලක්ව ඇත.
මීට අමතරව මොනරාගල හා යාපනය දිස්ත්‍රික්කවල නිවාස 4 බැගින්ද, ගම්පහ දිස්ත්‍රික්කයේ නිවාස 3ක්ද, හම්බන්තොට සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල නිවාස 2 බැගින්ද අර්ධ හානි වාර්තා වී තිබේ.
මෙම අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සමස්තයක් ලෙස පවුල් 1,263කට අයත් පුද්ගලයින් 4,099 දෙනෙකු බලපෑමට ලක්ව ඇති අතර, එම පිරිස ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 48කින් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් පවසයි.



