ව්‍යාපාරික

වාහන ආනයනයට අලුත් බදු සංශෝධනයක් අද සිට ක්‍රියාත්මකයි

ආනයනය කරන වාහන සඳහා දැනට පවතින රේගු ආනයන බද්දට අමතරව සියයට 50ක අතිරේක බද්දක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඒ අනුව මෙතෙක් වාහන සඳහා අය කෙරුණු සියයට 30ක රේගු ආනයන බද්ද මත මෙම නව අතිරේක බද්ද එකතු වන අතර, ආනයන වියදම තවදුරටත් ඉහළ යනු ඇත.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අත්සනින් නිකුත් කළ විශේෂ ගැසට් නිවේදනයකට අනුව, අද (15) සිට ඉදිරි මාස තුනක කාලයක් සඳහා මෙම බදු වැඩි කිරීම ක්‍රියාත්මක කිරීමට නියමිතය.

එසේම, මැයි 15 දිනට පෙර හෝ එදින ණයවර ලිපි (LC) විවෘත කර ඇති වාහන සඳහා මෙම නව සියයට 50ක අතිරේක බද්ද අදාළ නොවන බවද ගැසට් නිවේදනයේ සඳහන් වේ.

වැඩිදුර තොරතුරු සඳහා අදාළ ගැසට් නිවේදනයද නිකුත් කර ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button