කාලගුණය

අඩු පීඩන කලාපයෙන් අදත් තද වැසි

ශ්‍රී ලංකාවට ඊසාන දිශාවෙන් ස්ථාපිතව ඇති අඩු පීඩන කලාපය තවදුරටත් ක්‍රියාත්මක වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මෙම කාලගුණ පද්ධතියේ වර්ධනය, හැසිරීම සහ ගමන් මාර්ගය පිළිබඳ නිරන්තර අධීක්ෂණයක් සිදුකරමින් පවතින බවයි.

මෙහි බලපෑම හේතුවෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලට මෙන්ම ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලටද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව දැනුම්දී තිබේ. එම ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතිනු ඇතැයිද සඳහන් වේ.

ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ඉක්මවූ තරමක තද වැසි ලැබීමේ හැකියාවක් පවතින අතර ජනතාව සැලකිලිමත් වන ලෙස ද උපදෙස් ලබාදී ඇත.

මීට අමතරව, අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් අපේක්ෂා කරන අතර ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන කිහිපයකට පස්වරු 1.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button