ප්‍රධාන පුවත්

සනත් නිශාන්තගේ සොහොයුරාට වසර 5½ක සිරදඬුවම

ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම්වරයාට පහරදීමේ සිද්ධියට අදාළව වරදකරු ලෙස තීන්දු වූ අරච්චිකට්ටුව ප්‍රදේශීය සභාවේ හිටපු සභාපති ජගත් සමන්තට හලාවත මහධිකරණය විසින් අද (15) වසර 5 හමාරක බරපතළ වැඩසහිත සිරදඬුවමක් නියම කර තිබේ.

එමෙන්ම, පහරකෑමට ලක්වූ ප්‍රාදේශීය ලේකම්වරයාට රුපියල් ලක්ෂ 10ක වන්දියක් ගෙවීමටද අධිකරණය නියෝග කර ඇති අතර, එම මුදල නොගෙවන්නේ නම් අමතර මාස 24ක සිරදඬුවමක්ද නියම කර ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සහ ඔහුගේ සොහොයුරාට එරෙහිව මීට පෙර චෝදනා ගොනු කර තිබුණි. කෙසේවෙතත්, 2024 ජනවාරි 25 දින කටුනායක අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් සනත් නිශාන්ත මියයාම හේතුවෙන්, අද නඩු විභාගයේදී අධිකරණය හමුවේ පෙනී සිටියේ ඔහුගේ සොහොයුරා පමණි.

අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේ ඉදිරිපත් වූ සාක්ෂි හා කරුණු සලකා බැලීමෙන් පසුව හලාවත මහධිකරණය මෙම තීන්දුව ප්‍රකාශයට පත්කර ඇත.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button