
නායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කරයි
පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් ඊයේ (14) රාත්‍රියේ නිකුත් කළ නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදනය තවදුරටත් දීර්ඝ කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය (NBRO) සඳහන් කරයි.
එම ආයතනයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා පැවසුවේ, දිස්ත්‍රික්ක 6ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 26ක් සඳහා නිකුත් කළ අදියර 2 යටතේ ‘අවධානයෙන් සිටින්න’ නිවේදනය යාවත්කාලීන කර තවදුරටත් ක්‍රියාත්මක වන බවයි.
අදියර 2 යටතේ නිවේදන නිකුත්කළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
කොළඹ දිස්ත්‍රික්කය
සීතාවක
ගාල්ල දිස්ත්‍රික්කය
නෙළුව
කළුතර දිස්ත්‍රික්කය
පාලින්දනුවර, අගලවත්ත, මතුගම, හොරණ සහ වලල්ලාවිට
මහනුවර දිස්ත්‍රික්කය
ගඟඉහළ කෝරළේ, දෙල්තොට, පස්බාගේ කෝරළේ, ගඟවට කෝරළය, පාතහේවාහැට, යටිනුවර, දොළුව, උඩ පළාත, පන්විල සහ අකුරණ
කුරුණෑගල දිස්ත්‍රික්කය
නාරම්මල සහ අලව්ව
රත්නපුර දිස්ත්‍රික්කය
පැල්මඩුල්ල, රත්නපුර, ඇහැලියගොඩ, අයගම, කුරුවිට, කිරිඇල්ල සහ කලවාන
තවද, දිස්ත්‍රික්ක 13ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 41ක් සඳහා අදියර 1 යටතේ ‘විමසිලිමත්ව සිටින්න’ නිවේදනද නිකුත් කර ඇත.
බදුල්ල දිස්ත්‍රික්කය
හාලිඇල, බණ්ඩාරවෙල සහ පස්සර
කොළඹ දිස්ත්‍රික්කය
පාදුක්ක
ගාල්ල දිස්ත්‍රික්කය
ඇල්පිටිය, තවලම සහ නියාගම
ගම්පහ දිස්ත්‍රික්කය
අත්තනගල්ල
කළුතර දිස්ත්‍රික්කය
ඉංගිරිය සහ බුලත්සිංහල
මහනුවර දිස්ත්‍රික්කය
මැදදුම්බර, උඩුදුම්බර, පූජාපිටිය, තුම්පනේ, හතරලියැද්ද, හාරිස්පත්තුව සහ උඩුනුවර
කෑගල්ල දිස්ත්‍රික්කය
වරකාපොල, අරණායක, කෑගල්ල, රඹුක්කන, දෙහිඕවිට, රුවන්වැල්ල, මාවනැල්ල, යටියන්තොට සහ බුලත්කොහුපිටිය
කුරුණෑගල දිස්ත්‍රික්කය
රිදීගම
මාතලේ දිස්ත්‍රික්කය
අඹන්ගහ කෝරළය, රත්තොට සහ නාවුල
මාතර දිස්ත්‍රික්කය
පිටබැද්දර
මොනරාගල දිස්ත්‍රික්කය
වැල්ලවාය, බඩල්කුඹුර සහ බිබිල
නුවරඑළිය දිස්ත්‍රික්කය
අඹගමුව කෝරළේ, නෝවුඩ් සහ කොත්මලේ
රත්නපුර දිස්ත්‍රික්කය
ඇලපාත, ගොඩකවෙල, කහවත්ත සහ නිවිතිගල
මේ අතර, කඳු ආශ්රිත ප්‍රදේශවල නායයෑම් ලක්ෂණ පෙන්නුම් කරන ස්ථානවල නායයෑම් සක්‍රිය වීමේ අවදානමක් පවතින බවද ආචාර්ය වසන්ත සේනාධීර මහතා සඳහන් කළේය.
එබැවින් එවැනි ප්‍රදේශවල පදිංචිකරුවන්ට මෙන්ම එම මාර්ග සහ ස්ථාන භාවිත කරන ජනතාවටද වැඩි අවධානයෙන් කටයුතු කරන ලෙස NBRO දැනුම් දී තිබේ.



