ප්‍රධාන පුවත්

කපිල චන්ද්‍රසේන නඩුවේ තැරැව්කරුවන් දෙදෙනා රිමාන්ඩ්

ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාට ඇප ලබාදීම සඳහා ව්‍යාජ ඇපකරුවන් දෙදෙනෙකු සොයාදුන් බවට චෝදනා එල්ල වූ සැකකරුවන් දෙදෙනෙකු හෙට (13) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

පසුගියදා අබිරහස් ලෙස මියගිය කපිල චන්ද්‍රසේන මහතා සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන අතරතුර මෙම සැකකරුවන් දෙදෙනා කෙසෙල්වත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත.

අදාළ නඩුව සලකා බැලූ මහෙස්ත්‍රත්වරයා සැකකරුවන් දෙදෙනා හෙට දින දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියෝග කළ අතර, එක් සැකකරුවෙකු හඳුනා ගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කරන ලෙසද වැඩිදුරටත් උපදෙස් ලබාදී තිබේ.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button