
ප්‍රධාන පුවත්
දෙනියාය පාසල් හෙට සිට යළි විවෘතයි
උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් තාවකාලිකව වසා දැමූ දෙනියාය අධ්‍යාපන කලාපයේ පාසල් හෙට (13) සිට නැවත විවෘත කිරීමට තීරණය කර තිබේ.
දකුණු පළාත් අධ්‍යාපන ලේකම් නිශාන්ත පතිරණ මහතා සඳහන් කළේ, ඊයේ (11) දකුණු පළාත් ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති විශේෂ සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇති බවයි.
පාසල් සිසුන් අතර උණ රෝගී තත්ත්වයක් වාර්තා වීමත් සමඟ දෙනියාය අධ්‍යාපන කලාපයට අයත් පාසල් 4ක් පසුගිය බ්‍රහස්පතින්දා සිට තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබුණි.
සෞඛ්‍ය අංශ අනුව, එම පාසල්වල සිසුන් 56 දෙනෙකු පමණ මෙම රෝගී තත්ත්වයට ගොදුරු වී තිබේ. කෙසේවෙතත්, මේ වනවිට අදාළ පාසල්වල සෞඛ්යාරක්ෂිත පරිසරයක් සකස් කර ඇති අතර ජලය භාවිත කිරීමේදී වැඩි සැලකිල්ලක් දක්වන ලෙස උපදෙස් ලබාදී ඇති බවද නිශාන්ත පතිරණ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.



