ප්‍රධාන පුවත්

ජනපති අනුරගෙන් තමිල්නාඩු මහ ඇමති විජේට සුබ පැතුම්

තමිල්නාඩු නව මහ ඇමති ලෙස දිවුරුම් දුන් සී. ජෝසප් විජේ වෙත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් පළ කර තිබේ.

සිය X ගිණුම ඔස්සේ සටහනක් තබමින් ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකාව සහ තමිල්නාඩුව අතර දිගුකාලීන ඓතිහාසික, සංස්කෘතික සහ ආර්ථික සබඳතා පවතින බවයි.

එම සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර සමීප හවුල්කාරීත්වයක් ගොඩනැගීමට ඉදිරියේදී පුළුල් ආර්ථික අවස්ථා සහ වර්ධන හැකියාවන් පවතින බවද ඔහු සඳහන් කර ඇත.

ඉන්දු – ශ්‍රී ලංකා සබඳතා වඩාත් ශක්තිමත් කර ගනිමින් දෙරටේම ජනතාවගේ සමෘද්ධිය සහ ප්‍රගතිය වෙනුවෙන් එක්ව කටයුතු කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button