
මහා භාණ්ඩාගාර නිලධාරී මරණය ගැන ගම්මන්පිලගෙන් ප්‍රකාශයක්
මහා භාණ්ඩාගාර නිලධාරියෙකුගේ මරණය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා අද (09) පෙරවරුවේ කුලියාපිටිය පොලීසියට පැමිණ තිබේ.
පසුගියදා පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී අදාළ මරණය සම්බන්ධයෙන් මතභේදාත්මක අදහස් කිහිපයක් ඉදිරිපත් කළ ගම්මන්පිල මහතා, සිද්ධිය පිළිබඳ සැක මතුකරමින් කරුණු රැසක් අනාවරණය කර තිබුණි.
එහිදී ඔහු ප්‍රශ්න කර තිබුණේ, මරණය සැබවින්ම සියදිවි හානි කරගැනීමක්ද, නැතහොත් එවැනි ආකාරයක් ලෙස පෙනෙන පරිදි වෙනත් ක්‍රියාවක් සිදුවී ඇත්ද යන්න පිළිබඳවය.
තවද පරීක්ෂණ කණ්ඩායමට සියලු තොරතුරු ලැබීමට පෙරම එය සියදිවි හානියක් විය හැකි බවට නිගමනය කළේ කෙසේදැයි ද ඔහු ප්‍රශ්න කර තිබුණි.
කෙසේ වෙතත්, මෙම ප්‍රකාශ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර තිබුණේ ඒවා අසත්‍ය බවයි.
ඒ අනුව, අදාළ ප්‍රකාශ සම්බන්ධයෙන් වැඩිදුර කරුණු ලබාගැනීම සඳහා ගම්මන්පිල මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීමට කටයුතු කරන බවද පොලීසිය සඳහන් කර ඇත.



