ප්‍රධාන පුවත්

ඩුබායි සුද්දාගේ ජාලයට සම්බන්ධ 7 දෙනෙකු බණ්ඩාරගමදී අත්අඩංගුවට

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන “ඩුබායි සුද්දා”ගේ ජාලයට සම්බන්ධ බව කියන සැකකරුවන් 7 දෙනෙකු බණ්ඩාරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

බණ්ඩාරගම ප්‍රදේශයේ ප්‍රධාන මත්ද්‍රව්‍ය බෙදාහරින්නෙකු ඇතුළු මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ මත්ද්‍රව්‍ය පැකට් කිරීම සඳහා භාවිත කළ ස්ථානයක් වටලා සිදුකළ මෙහෙයුමකදීය.

පොලිස් භාරයට ගත් ද්‍රව්‍ය අතර රුපියල් ලක්ෂ 15කට අධික වටිනාකමකින් යුතු හෙරොයින් ග්‍රෑම් 50ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 25ක්, මත්ද්‍රව්‍ය ඇසුරුම් කිරීමට භාවිත කරන විශේෂ කඩදාසි, ඉටි කොළ, ජංගම දුරකථන 4ක් සහ මෝටර් රථයක් ද ඇතුළත් බව වාර්තා වේ.

බණ්ඩාරගම, වැල්මිල්ල අලෝතියාව ප්‍රදේශයේ නිවසක සැකකටයුතු පිරිසක් රැඳී සිටින බවට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදුකර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් බණ්ඩාරගම පොලිසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරයි.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button