ප්‍රධාන පුවත්

කපිල චන්ද්‍රසේන අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (07) නියෝග කළේය.

අල්ලස් කොමිසම කළ ඉල්ලීමක් සලකා බැලූ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කර තිබේ.

ඇප මත මුදාහැර සිටි කපිල චන්ද්‍රසේන මහතා ඇප කොන්දේසි උල්ලංඝනය කර අධිකරණයේ විශ්වාසය කඩ කළ බවට අල්ලස් කොමිසම කරුණු දක්වා ඇති අතර, ඒ අනුව ඔහුගේ ඇප අවලංගු කර නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ද ඉල්ලා ඇත.

ශ්‍රීලන්කන් ගුවන් සමාගමට එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේදී අමෙරිකානු ඩොලර් මිලියන 2ක අල්ලසක් ලබාගත් බව කියන සිද්ධියකට අදාළව මෙම නඩුව විභාග වේ.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button