
ප්‍රධාන පුවත්
චාමරගේ විදෙස් ගමන් තහනම ගැන අල්ලස් කොමිසමට අධිකරණ නියෝගයක්
දූෂණ චෝදනා සම්බන්ධයෙන් විදේශ ගමන් තහනමකට ලක්ව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාගේ එම තහනම තාවකාලිකව ඉවත් කිරීමේ ඉල්ලීම පිළිබඳ අල්ලස් කොමිසමේ ස්ථාවරය ලබන 12 වනදා ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
අදාළ මෝසම අද (05) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී, චාමර සම්පත් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කණ්ඩායම ඔහුට චීනයේ සංචාරයක් සඳහා අවසර අවශ්‍ය බව අධිකරණයට දැනුම් දී තිබුණි.
ඒ අනුව දැනට පනවා ඇති විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරන ලෙස කළ ඉල්ලීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසමේ අදහස ලබාගැනීමෙන් අනතුරුව තීරණයක් ගැනීමට මහේස්ත්‍රාත්වරයා නියම කළේය.



