කාලගුණය

අදත් ප්‍රබල අකුණු අනතුරු ඇඟවීමක්

අද දිනයේත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ප්‍රබල අකුණු ඇතිවීමේ අවදානමක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව මධ්‍යම, සබරගමුව, නැගෙනහිර, ඌව සහ උතුරුමැද පළාත්වලට මෙන්ම වව්නියා සහ මුලතිව් දිස්ත්‍රික්ක සඳහා අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

අද පස්වරු 1.00න් පසු ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවිය හැකි අතර, ඇතැම් ප්‍රදේශවලට තාවකාලික තද සුළං ද හටගැනීමේ හැකියාව පවතින බව ද එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

අකුණු අනතුරු අවම කරගැනීම සඳහා අවශ්‍ය ආරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙසත් ජනතාව විවෘත ස්ථාන, ගස් යට සහ විදුලි උපකරණ ආසන්නයෙන් ඉවත්ව සිටින ලෙසත් දැනුම් දී ඇත.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button