
ප්‍රධාන පුවත්
ජනපතිගේ නඩු ප්‍රකාශයට විමර්ශනයක් ඉල්ලයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මැයි දින රැලියේදී අධිකරණ තීන්දු සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් පිළිබඳ විමර්ශනයක් ආරම්භ කරන ලෙස ෆ්‍රී ලෝයර්ස් සංවිධානය ඉල්ලීමක් කර තිබේ.
එම සංවිධානය පෙන්වා දෙන්නේ, අධිකරණයේ තවමත් විභාග වෙමින් පවතින නඩුවකට අදාළව ඉදිරියේදී ලබාදීමට නියමිත තීන්දුවක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා අගතිගාමී අදහස් පළ කර ඇති බවයි.
ඔවුන්ගේ අදහස අනුව, මෙම ප්‍රකාශය සාමාන්‍ය දේශපාලන අදහස් දැක්වීමක් පමණක් නොව, නිශ්චිත කාලසීමා ද සඳහන් කරමින් සිදු කළ ප්‍රකාශයක් බැවින් ඒ පිළිබඳව ගැඹුරු අවධානයක් යොමු කළ යුතු බව සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ප්‍රකාශය සමාජය තුළ සහ නීති ක්ෂේත්‍රය තුළ විශාල සංවාදයක් ඇති කර ඇති බවද වාර්තා වේ.




