ව්‍යාපාරික

ඩොලරයට සාපේක්ෂව රුපියල 2.9%කින් පහළට

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 2026 අප්‍රේල් මාසය අවසන් වන විට 2.9%කින් අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි.

මහ බැංකුව සඳහන් කළේ, 2026 පෙබරවාරි අගභාගයේ සිට ආරම්භ වූ මැද පෙරදිග ගැටුම් හේතුවෙන් බාහිර අංශයට එල්ල වූ පීඩනයන් මෙම විනිමය අගය පහළ යාමට ප්‍රධාන ලෙස බලපා ඇති බවය.

අද (01) නිකුත් කළ නිල දෛනික විනිමය අනුපාතික වාර්තාවට අනුව, එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 315.87ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 323.80ක් ලෙසත් සටහන් වී තිබේ. එමෙන්ම නිරූපිත එතැන් විනිමය අනුපාතිකය රුපියල් 319.34ක් ලෙස දැක්වේ.

2026 මාර්තු මාසය අවසන් වන විට, චීන මහජන බැංකුව සමඟ පවතින විදේශ විනිමය හුවමාරු පහසුකම ද ඇතුළත්ව, ශ්‍රී ලංකාවේ දළ නිල සංචිතය අමෙරිකානු ඩොලර් බිලියන 7.0ක් දක්වා පවතින බව මහ බැංකුව අනාවරණය කර ඇත.

කෙසේවෙතත්, විදේශ විනිමය මිලදී ගැනීම් සිදුකර තිබුණද, විදේශ ණය සේවා ගෙවීම් හේතුවෙන් එම කාලය තුළ දළ නිල සංචිතයේ අඩුවීමක් වාර්තා වී ඇති බවද මහ බැංකුව වැඩිදුරටත් පෙන්වා දෙයි.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button