
ශ්‍රී ලංකා ආරක්ෂක ලේකම් සහ ඉතාලි තානාපති අතර හමුවක්
ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ඉතාලි තානාපති ලෙස කටයුතු කරන Damiano Francovigh මහතා, ආරක්ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා හමුවී තිබේ.
නව තානාපතිවරයා පිළිගැනීම සඳහා පැවති මෙම හමුව සුහද වාතාවරණයකින් ආරම්භ වූ අතර, අනතුරුව දෙපාර්ශවය අතර විශේෂ සාකච්ඡාවක්ද පැවැත්විණි. එහිදී ශ්‍රී ලංකාව සහ ඉතාලිය අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වර්ධනය කිරීම පිළිබඳ අවධානය යොමු කර ඇති බව වාර්තා වේ.
ආරක්ෂක ක්ෂේත්‍රයේ සහයෝගීතාව ඉහළ නැංවීම, දෙරටටම වැදගත් වන කරුණු පිළිබඳ සාකච්ඡා කිරීම සහ අනාගත සහයෝගීතා අවස්ථා පුළුල් කිරීම මෙම හමුවේදී ප්‍රමුඛ කරුණක් වී තිබේ.
ශ්‍රී ලංකාව සහ ඉතාලිය අතර දීර්ඝකාලීන මිත්‍ර සබඳතා පිළිබඳ සිය ප්‍රසාදය පළ කළ තානාපති Damiano Francovigh මහතා, විවිධ ක්ෂේත්‍ර ඔස්සේ සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීමට ශ්‍රී ලංකා බලධාරීන් සමඟ සමීපව කටයුතු කිරීමට කැමැත්ත පළ කළේය.





