
මහජන හදිසි අවස්ථා තත්ත්වය තවත් මාසයකින් දීර්ඝ කරයි
ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කර තිබූ මහජන හදිසි අවස්ථා තත්ත්වය තවත් මාසයක කාලයක් සඳහා දීර්ඝ කර තිබේ.
ඒ සම්බන්ධ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් ආචාර්ය එන්. එස්. කුමනායක මහතා විසින් ඊයේ (28) නිකුත් කර ඇත.
‘දිට්වා’ සුළි කුණාටුවත් සමග රට තුළ ඇති වූ ආපදා තත්ත්වය සැලකිල්ලට ගනිමින්, මහජන ආරක්ෂාව සහ රටේ සාමාන්‍ය කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා මෙම තීරණය ගෙන ඇති බව සඳහන් වේ.
එමෙන්ම ජනතාවගේ දෛනික ජීවිතයට අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා අඛණ්ඩව සැපයීම සහතික කිරීම සඳහාද හදිසි අවස්ථා තත්ත්වය දීර්ඝ කර ඇත.
මේ අතර, රාජ්‍ය සංස්ථා, රජයේ දෙපාර්තමේන්තු, පළාත් පාලන ආයතන, සමූපාකාර සමිති සහ ඒවායේ ශාඛා මගින් සපයන සේවාවන් අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනයද යළි දීර්ඝ කර තිබේ.
ඒ අනුව විදුලිබල සැපයුම් සේවා, ඛනිජ තෙල් නිෂ්පාදන සහ ගෑස් ඇතුළු ඉන්ධන බෙදාහැරීම්, සෞඛ්‍ය සේවාවන්, පොදු ප්‍රවාහන සේවා ඇතුළු අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර කිහිපයක් යළිත් අත්‍යවශ්‍ය සේවා කාණ්ඩයට ඇතුළත් කර ඇත.
අදාළ ගැසට් නිවේදනය පහතින් දැක්වේ.





