
ප්‍රධාන පුවත්
මුදල් ලේකම් ඇතුළු නිලධාරීන් ලබන අඟහරුවාදා මුදල් කමිටුව හමුවට
මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ඇතුළු අදාළ ප්‍රධාන නිලධාරීන් ලබන අඟහරුවාදා දින පාර්ලිමේන්තු මුදල් කමිටුව හමුවට කැඳවීමට තීරණය කර තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා අද (28) මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ, මහා භාණ්ඩාගාරයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් හැකර්වරුන් අතට පත්වීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා මෙම පියවර ගත් බවයි.
එමෙන්ම, අදාළ සිද්ධිය පිළිබඳව විස්තරාත්මක සාකච්ඡාවක් පැවැත්වීම සඳහා මුදල් අමාත්‍යාංශයේ ලේකම් පමණක් නොව, ඊට සම්බන්ධ අනෙකුත් ප්‍රධාන නිලධාරීන්ද කමිටුවට කැඳවීමට තීරණය කළ බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.



