අද විශේෂ

ඒහි පස්සිකෝ” ජාත්‍යන්තර සාම පාද යාත්‍රාව අද නිමාවට – කොළඹ විශේෂ රථ වාහන සැලැස්මක්

“ඒහි පස්සිකෝ” ජාත්‍යන්තර සාම පාද යාත්‍රාවේ අවසන් අදියර අද (28) දින පැවැත්වේ. අද දහවල් 12ට කැලණිය රජමහා විහාරස්ථානයෙන් ආරම්භ වන මෙම පාගමන නිදහස් චතුරස්‍රය දක්වා ගමන් කිරීමට නියමිතය.

එමෙන්ම පස්වරු 4ට නිදහස් චතුරස්‍රයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගීත්වයෙන් විශේෂ රාජ්‍ය උත්සවයක් පැවැත්වීමට සැලසුම් කර ඇත. එහිදී පූජ්‍ය පඤ්ඤාකර හිමියන් ඇතුළු නියෝජිත පිරිසට ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුර පැළයක් ජනාධිපතිවරයා විසින් නිල වශයෙන් භාර දීමට නියමිතය.

අනතුරුව පස්වරු 5.30ට නිදහස් චතුරස්‍රයෙන් යළි ආරම්භ වන පාගමන කොළඹ ගංගාරාම විහාරස්ථානයට ළඟා වීමෙන් පසු නිමාවට පත්වේ.

ලෝකයට සාමයේ පණිවිඩය රැගෙන යන මෙම ජාත්‍යන්තර පාගමන පසුගිය 22 වනදා දඹුල්ලෙන් ආරම්භ වූ අතර, ඊයේ (27) යක්කල සිට කැලණිය රජමහා විහාරස්ථානය දක්වා ගමන් කර තිබුණි.

මේ අතර, අද දිනයේ මෙම උත්සවය නිමිත්තෙන් කොළඹ නගරයේ මාර්ග කිහිපයක විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට නියමිතය. බණ්ඩාරනායක වටරවුම සිට බේස්ලයින් මාර්ගය බොරැල්ල හංදිය දක්වා සහ ගංගාරාම විහාරස්ථානය අවට මාර්ගවල උදෑසන 11 සිට අවස්ථානුකූලව වාහන ගමනාගමනය සීමා කෙරෙන බව පොලීසිය දැනුම් දී ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button