
වෙසක් දිනය මැයි 30ට කල් දැමීම දේශපාලන උවමනාවක්ද? – කොටපිටියේ රාහුල හිමිගේන් චෝදනා
වෙසක් පොහොය දිනය මැයි 30 වනදාට කල් දැමීම දේශපාලනික හේතු මත සිදු කර ඇති බවට චෝදනා කරන බව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක හා ප්‍රධාන ලේඛකාධිකාරී, අග්ගමහා පණ්ඩිත මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි පවසයි.
උන්වහන්සේගේ ප්‍රකාශය අනුව, මැයි 01 දිනට යෙදී ඇති මැයි දිනය සැමරීම සලකා බලමින් දේශපාලන උවමනාවක් මත වෙසක් දිනය මැයි 30 දක්වා කල් දමා ඇති බවයි.
එමෙන්ම, මෙම කරුණ පිළිබඳව මහානායක හිමිවරුන් විසින්ද අදහස් ප්‍රකාශ කර ඇති බවත්, තමන් වහන්සේ එම අදහස්වලට කිසිදු ආකාරයක විරුද්ධත්වයක් හෝ අගෞරවයක් පළ නොකරන බවත් උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කරයි.
වෙසක් පොහොය දිනය ආණ්ඩුවට අයත් කරුණක් නොවන බව අවධාරණය කළ උන්වහන්සේ, බෞද්ධයන්ට මැයි 01 දින පුරා බෞද්ධ වත්පිළිවෙත් වල නිරත වන ලෙස ඉල්ලා සිටී.
එසේම, මැයි 30 වනදාට අදාලව අවශ්‍ය පරිදි වෙසක් උත්සව සංවිධානය කරන ලෙසද බෞද්ධ ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත.



