ප්‍රධාන පුවත්

ඩිජිටල් තාක්ෂණ භාවිතය වැඩිදියුණු කිරීමට රජයේ සැලසුම් – ආයතන ප්‍රධානීන්ට මාර්ගෝපදේශ

රාජ්‍ය සේවා දුරස්ථව සැපයීමේදී ඩිජිටල් තාක්ෂණයන් වඩාත් කාර්යක්ෂම ලෙස භාවිතා කිරීම සඳහා ආයතන ප්‍රධානීන්ට නව මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දීමට ඩිජිටල් ආර්ථික හා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය කටයුතු කර ඇත.

මැදපෙරදිග කලාපයේ පවතින යුදමය තත්ත්වය හේතුවෙන් මෙරට ඉන්ධන සැපයුමට බලපෑම් එල්ල වී ඇති අතර, එම තත්ත්වය සමඟ බලශක්ති කළමනාකරණ අවශ්‍යතා ඉහළ යාමත් සමඟ ජාතික ඉන්ධන තොග මත ඇති පීඩනය අවම කිරීම රජයේ ප්‍රධාන අරමුණක් වී තිබේ. ඒ අනුව කාර්යාලීය සේවා සීමිතව පවත්වාගෙන යාමට මූලික පියවර ගෙන ඇත.

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියගේ සභාපතිත්වයෙන් පත් කළ අමාත්‍ය මණ්ඩල කමිටුවේ උපදෙස් අනුව, රාජ්‍ය සේවාව ක්‍රමානුකූලව පවත්වාගෙන යාම සඳහා දුරස්ථ සේවා ක්‍රමවේදයන් (Remote Work) වැඩි වශයෙන් භාවිතා කිරීම පිළිබඳව අවධානය යොමු කර තිබේ. එම අරමුණින් ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයට අවශ්‍ය හැකියාවන් සොයා බැලීමට නියෝග කර ඇත.

ඒ අනුව, දුරස්ථ සේවාවන් සහ සාමාන්‍ය කාර්යාලීය කටයුතු සඳහා ඩිජිටල් තාක්ෂණ භාවිතය වැඩිදියුණු කිරීම පිළිබඳ අතුරු මාර්ගෝපදේශ සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට නිකුත් කර ඇත. මෙම මාර්ගෝපදේශ භාෂාත්‍රයෙන් සකස් කර ඇති අතර, ඒවා https://mode.gov.lk/docs/guidelines යන සබැඳිය ඔස්සේ බාගත කරගත හැක.

මෙම සම්බන්ධයෙන් ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයද ප්‍රකාශයට පත් කර තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button