
අවුරුදු 2ක දැරියක් රු.40,000කට අලෙවි කරලා, මව, අනියම් සැමියා සහ මිලදී ගත් කාන්තාව අත්අඩංගුවට
අවුරුදු දෙකක් වයසැති දැරියක් රුපියල් 40,000ක මුදලකට අලෙවි කළ බවට හෙළිවීමක් සමඟ, එම සිද්ධියට සම්බන්ධ මවක් සහ ඇයගේ අනියම් සැමියා ධර්මපුරම් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එමෙන්ම දැරිය මිලදී ගත් බව කියන කාන්තාවද පොලිස් භාරයට ගෙන ඇත.
ධර්මපුරම් ග්රාම නිලධාරීවරයා විසින් සිදු කළ පැමිණිල්ලකට අනුව, මෙම දැරිය කොළඹ ප්රදේශයේ කාන්තාවකට මුදලට අලෙවි කර ඇති බවට පොලීසිය අනාවරණය කරගෙන තිබේ.
පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වූයේ, දැරිය තැලසීමියා රෝගයෙන් පෙළෙන අතර ඇයට වඩා වැඩිමහල් වන සිව් හැවිරිදි දියණියද එම රෝගයෙන් පීඩිත බවයි. එම දියණියගේ ප්රතිකාර සඳහා මුදල් සපයා ගැනීමේ අරමුණින් මෙම අලෙවිය සිදු කළ බව සැකකරුවන් ප්රකාශ කර ඇත.
කෙසේ වෙතත්, එම මුදලින් රුපියල් 15,000ක් වටිනා ජංගම දුරකථනයක් මිලදී ගැනීම සම්බන්ධයෙන් පොලීසිය විමසා සිටියද, ඒ පිළිබඳ පැහැදිලි පිළිතුරක් ලබා දීමට ඔවුන් අපොහොසත් වී තිබේ.
අත්අඩංගුවට ගත් මව (වයස 27) සහ අනියම් සැමියා (වයස 31) ධර්මපුරම් ප්රදේශයේ පදිංචිකරුවන් වන අතර, දැරිය මිලදී ගත් බව කියන 37 හැවිරිදි කාන්තාව කටුනායක ඇවරියවත්ත ප්රදේශයේ පදිංචි වන්නීය.
මෙම සැකකරුවන් තිදෙනා කිලිනොච්චිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, මේ මස 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.



