
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විශේෂ ස්තූතීය
අසනීප තත්ත්වයෙන් සුවය ලබමින් සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, තම සුවය ප්‍රාර්ථනා කළ සියලුදෙනා වෙත කෘතඥතාව පළ කර ඇත.
ඒ මහතා නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ, තම අසනීප අවස්ථාවේදී ලබාදුන් ආශීර්වාද සහ සහයෝගය තමන්ට මහත් ශක්තියක් වූ බවයි.
තම සුවය වෙනුවෙන් කැපවූ සියලු පාර්ශ්වයන්ටත්, ප්‍රාර්ථනා කළ ජනතාවටත් තම ස්තූතිය පළ කරන බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
– උපුටා ගැනීම –
අසනීප තත්ත්වය අනාවරණය වීමත් සමගම සුවදුක් විමසමින් සහ ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් ලැබුණු දුරකථන ඇමතුම්, පණිවුඩ සංඛ්‍යාව අපමණය.
නිරෝගී සුව පතමින් දිවයින පුරා සර්ව ආගමික වතාවත් පැවැත්වීමට ඔබ ගත් ක්‍රියාමාර්ග මගේ සුවිශේෂී ඇගයීමට ලක්වෙයි.
ශ්‍රී ලාංකේය පුරවැසියන් වශයෙන් ඔබ ක්‍රියාවට නැංවූ පියවර ඉක්මන් සුවය ලැබීමට මට මහත් ධෛර්යයක් වූයේය. විශේෂයෙන්ම එක්සත් ජාතික පාක්ෂිකයන් මම වෙනුවෙන් තමන්ට හැකි උපරිමයෙන් උචිත ක්‍රියාමාර්ග ගත් බව දනිමි.
මම වෙනුවෙන් ඔබ දැක්වූ සැලකිල්ල සහ උනන්දුව යළි යළිත් අගය කරමි. ඒ වෙනුවෙන් මගේ හදපිරි කෘතඥතාවය පළ කර සිටින්නෙමි.
– උපුටා ගැනීම අවසන් –



