ප්‍රධාන පුවත්

රු.15,000 අල්ලසක් ගත් කම්කරු නිලධාරියෙකුට වසර 6ක සිර දඬුවම්

වැල්ලවාය, වීරසේකරගම ප්‍රදේශයේ කුකුල් ගොවිපලක් පවත්වාගෙන යන ව්‍යාපාරිකයෙකුගෙන් රු.15,000ක මුදලක් අල්ලස් ලෙස ලබාගත් බවට වරදකරු වූ හපුතලේ දිස්ත්‍රික් කම්කරු කාර්යාලයේ කම්කරු නිලධාරියෙකුට කොළඹ මහාධිකරණය විසින් වසර 6ක සිර දඬුවමක් නියම කර තිබේ.

මෙම නඩුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට 2009 සැප්තැම්බර් 02 වන දින ලැබුණු ලිඛිත පැමිණිල්ලක් මත ගොනු කර තිබූ අතර, ඒ අනුව කොළඹ මහාධිකරණයේදී විභාගයට ගෙන ඇත.

නඩුවට අදාළව ඉදිරිපත් කළ සාක්ෂි සියල්ල සලකා බැලීමෙන් අනතුරුව, අදාළ නිලධාරියාට එරෙහිව ගෙන ආ චෝදනා තුනම සම්බන්ධයෙන් ඔහු වරදකරු බවට මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් මහතා තීරණය කර ඇත.

ඒ අනුව, එක් එක් චෝදනාව සඳහා එකවර ගෙවී යන ලෙස වසර 6 බැගින් සිර දඬුවම් නියම කර ඇති අතර, එක් චෝදනාවකට රු.5,000 බැගින් දඩ මුදලක් ද නියම කර තිබේ. තවද, අල්ලස් ලෙස ලබාගත් රු.15,000 මුදලට සමාන අමතර දණ්ඩන මුදලක් ගෙවීමට ද නියෝග කර ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button