
2026 උසස් පෙළ අයදුම්පත් භාර ගැනීම අද මධ්‍යම රාත්‍රීයෙන් අවසන් – අවසන් අවස්ථාව අදයි
2026 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ (A/L) විභාගය සඳහා අයදුම්පත් භාර ගැනීම අද (අප්‍රේල් 24) මධ්‍යම රාත්‍රීයෙන් අවසන් වන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයකට අනුව, අයදුම්පත් භාර ගැනීම මාර්තු 24 වනදා ආරම්භ වී අද දිනයෙන් අවසන් වන අතර, මෙම ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම මාර්ගගත (online) ක්‍රමය ඔස්සේ පමණක් සිදු කර ඇත.
විභාග කොමසාරිස් ජනරාල් ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පවසන්නේ අද මධ්‍යම රාත්‍රියෙන් පසුව අයදුම්පත් භාර ගැනීම සම්පූර්ණයෙන් නවතා දැමෙන බවත්, කිසිදු හේතුවක් මත එය දීර්ඝ කිරීමක් සිදු නොකරන බවත්ය.
ඒ අනුව, තවමත් අයදුම්පත් යොමු නොකළ අපේක්ෂකයින්ට අද දිනය තුළ අවසන් අවස්ථාව ලෙස සලකා අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස දැනුම් දී තිබේ.
වැඩිදුර තොරතුරු සඳහා 0112 785 922, 0112 784 208 සහ 0112 784 537 යන දුරකථන අංක හරහා සම්බන්ධ විය හැකි අතර, gcealexamsl@gmail.com යන විද්‍යුත් ලිපිනය මගින්ද විමසීම් සිදු කළ හැක.



