ප්‍රධාන පුවත්

ශ්‍රී ලංකා – ඉරාන විදේශ අමාත්‍යවරුන් අතර දුරකථන සාකච්ඡාවක්: IRIS Dena සිද්ධිය පිළිබඳ කෘතඥතාව සහ චෝදනා

ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සහ ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි මහතා අතර දුරකථන සංවාදයක් පැවැත්වී තිබේ.

මෙම සංවාදයේදී IRIS Dena නෞකාවේ නාවිකයින් බේරා ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් ගත් ක්‍රියාමාර්ග සහ නෞකාවේ කාර්ය මණ්ඩලය ඇතුළු මරණයට පත් වූ ඉරාන නාවිකයින්ගේ මළ සිරුරු ඉරානයට භාරදීම සඳහා ලබාදුන් සහය පිළිබඳව ඉරාන පාර්ශවය කෘතඥතාව පළ කළ බව ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති කාර්යාලය නිවේදනය කරයි.

ඒ අතරතුර, IRIS Dena නෞකාවට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඉරාන විදේශ අමාත්‍යවරයා, එය එක්සත් ජනපදය විසින් සිදු කළ “පෙර නොවූ විරූ යුද අපරාධයක්” ලෙස විස්තර කර ඇත. එම ප්‍රහාරය ජාත්‍යන්තර මානුෂීය නීතිය හා 1949 ජිනීවා සම්මුතීන් උල්ලංඝනය කිරීමක් බවද ඔහු සඳහන් කර ඇත.

එසේම, එම සිද්ධිය සම්බන්ධයෙන් වගකිව යුතු පාර්ශවයන් නීතිය හමුවට පමුණුවීමට ඉරානය විසින් සියලු නීතිමය හා දේශපාලන ක්‍රියාමාර්ග ගනු ඇති බවද අබ්බාස් අරග්චි මහතා අවධාරණය කර තිබේ.

තවද, මෙම දුරකථන සාකච්ඡාවේදී ශ්‍රී ලංකාව හා ඉරානය අතර ද්විපාර්ශ්වික සබඳතා සහ කලාපීය වර්ධනයන් පිළිබඳවද අවධානය යොමු කර ඇති බව එම නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් වේ.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button