
2026 රාජ්‍ය වෙසක් උත්සවය: නිල වැඩසටහන සහ වෙසක් සතියේ දිනයන් ප්‍රකාශයට
2026 වසර සඳහා පැවැත්වෙන රාජ්‍ය වෙසක් උත්සවයේ නිල වැඩසටහන රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කර ඇත.
ශ්‍රී සම්බුදු තෙමඟුල සිහිපත් කරමින් සංවිධානය කරන වෙසක් පුණ්‍යමහෝත්සවය සම්බන්ධයෙන්, මැයි 27 වැනිදා සිට ජුනි 02 දක්වා කාලය “වෙසක් සතිය” ලෙස නම් කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් මාර්තු 30 වැනිදා තීරණය කර තිබුණි.
එම තීරණය අනුව, සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ මඟ පෙන්වීම යටතේ, බුද්ධශාසන, ආගමික හා සංස්කෘති කටයුතු අමාත්‍යාංශය, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව, දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇතුළු රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන එකමුතුවෙන් දිවයින පුරා උත්සවය විශේෂයෙන් සංවිධානය කිරීමට සැලසුම් කර ඇත.
වෙසක් සතිය තුළ ක්‍රියාත්මක කිරීමට යෝජිත විවිධ වැඩසටහන් පිළිබඳ සවිස්තරාත්මක නිල සැලැස්මද අදාළ අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති අතර, එය පහතින් දැක්වේ.






