ප්‍රධාන පුවත්

දැදුරු ඔයේ දියේ ගිලීමක්: 2ක් මරුට – 6ක් අතුරුදන්,

පෙරදින අසන්නට ලැබුණු එකම පවුලේ සහෝදරයින් තිදෙනෙක් දියේ ගිලී මියයෑමේ ඛේදනීය සිදුවීමෙන් පැය 24ක් ගතවීමටත් මත්තෙන් අද දිනයේද නිකවැරටිය, කුරටියාගහමුල ප්‍රදේශයේ දැදුරු ඔයේ දිය නෑමට ගිය පුද්ගලයින් 15 දෙනෙකු අතරින් 10 දෙනෙකු අද (16) පස්වරුවේ දියේ ගිලීමේ අනතුරකට ලක්ව ඇත.

එම අනතුරෙන් දෙදෙනෙකු රෝහල්ගත කර ඇති අතර, තවත් දෙදෙනෙකුගේ මළසිරුරු සොයාගෙන තිබේ. පොලීසිය අනාවරණය කළේ තවත් පුද්ගලයින් 6 දෙනෙකු තවමත් අතුරුදන්ව ඇති බවයි.

අතුරුදන්වූවන් සොයා මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වන අතර, අනතුරට හේතුව පිළිබඳ වැඩිදුර විමර්ශනද ආරම්භ කර තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button