
කළු දුම නිකුත් කරන වාහනවලට දැඩි නීති: WhatsApp මඟින් පැමිණිලි කිරීමට අවස්ථාව
මාර්ගයේ ධාවනය වන අතර අධික කළු දුම නිකුත් කරන වාහන සම්බන්ධයෙන් දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස් රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී.ජේ. සේනාධීර මහතා ප්‍රකාශ කරයි.
එවැනි වාහන පිළිබඳව පොලීසියට මේ වනවිටත් ජනතාවගෙන් පැමිණිලි ලැබී ඇති බවද ඔහු සඳහන් කළේය.
වායු දූෂණය ගෝලීය වශයෙන් ගැටලුවක් බව පෙන්වා දුන් ඔහු, එය හේතුවෙන් වසරකට මිලියනයකට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්වන බවද අවධාරණය කළේය.
මෙම ගැටලුව පාලනය කිරීම සඳහා, මෝටර් රථ පරීක්ෂකවරුන් සමඟ එක්ව අධික දුම නිකුත් කරන වාහන හඳුනාගෙන ඒවා පරීක්ෂා කර නීතිය ක්‍රියාත්මක කිරීමට පොලීසිය පියවර ගෙන ඇත.
ඒ අනුව, එවැනි වාහන පොලිස් භාරයට ගනිමින් ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගනු ඇත.
තවද, මාර්ගයේ ධාවනය වන කළු දුම නිකුත් කරන වාහනයක් දක්නට ලැබේ නම්, ඒ පිළිබඳව ජනතාවටද වාර්තා කිරීමට අවස්ථාව ලබා දී ඇත.
ඒ සඳහා 070 3500525 යන WhatsApp අංකයට අදාළ වාහනයේ අංකය හෝ වීඩියෝ දර්ශන යොමු කර පැමිණිලි කළ හැකි බවද සඳහන් වේ.
මෙම තොරතුරු මත, මෝටර් රථ දෙපාර්තමේන්තුවේ පරීක්ෂකවරුන් විසින් අදාළ වාහන සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ඉදිරියට ගනු ඇත.



