අද විශේෂ

සිංහල අලුත් අවුරුදු 2026 නැකත් – නව අවුරුදු උදාව, පුණ්‍ය කාලය හා ආහාර පිසීමේ වේලාවන්

සිංහල අලුත් අවුරුද්ද 2026 අප්‍රේල් 14 වන අඟහරුවාදා පූර්වභාග 09.32 ට උදාවේ. එය නව වසරේ ආරම්භය සනිටුහන් කරන වැදගත් සුභ මොහොතකි.

පුණ්‍ය කාලය අප්‍රේල් 14 අඟහරුවාදා පූර්වභාග 03.08 සිට එදිනම අපරභාග 03.56 දක්වා යෙදී ඇත. මෙම කාලය තුළ පුණ්‍ය කටයුතු සඳහා විශේෂ වැදගත්කමක් ඇති බැවින්, එයට පෙර ආහාරපාන ගෙන සියලු දෛනික කටයුතු නවතා ආගමික වතාවත්වල යෙදීම මැනවිය.

ආහාර පිසීම සඳහා සුභ නැකත අප්‍රේල් 14 අඟහරුවාදා පූර්වභාග 10.51 ට යෙදී ඇත. එම වේලාවේ රක්ත වර්ණ (රතු) වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ළිප් බැඳ ගිනි මොළවා කිරිබතක්, කැවිලි වර්ගයක්, දිකිරි සහ විළඳ පිළියෙළ කරගැනීම මැනවිය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button