ප්‍රධාන පුවත්

ඝාතනයට ලක්වුණු ගනේමුල්ල සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයෙකු වූ ගනේමුල්ල සංජීවගේ සමීප ආධාරකරුවෙකු ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි. ගම්පහ ප්‍රදේශයේ පදිංචි “උඩුගම්පල අලයා” ලෙස හැඳින්වෙන මෙම පුද්ගලයා මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ බවද සඳහන් වේ.

ඉන්දීය ආරක්ෂක අංශ විසින් සිදු කළ මෙහෙයුමකදී ඔහු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු සම්බන්ධයෙන් ඉදිරියේදී ශ්‍රී ලංකා පොලීසියට දැනුම් දී මෙරටට භාරදීමට කටයුතු කිරීමට නියමිත බවද වාර්තා වේ.

මෙම සිද්ධියට අදාල වැඩිදුර විමර්ශන මේ වනවිටත් ක්‍රියාත්මක වෙමින් පවතින අතර, පාතාල ක්‍රියාකාරකම් හා මත්ද්‍රව්‍ය ජාලයන් පිළිබඳව තවත් තොරතුරු හෙළිවනු ඇති බවටද අපේක්ෂා කෙරේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button