අධ්‍යාපන

ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සම්මුඛ පරීක්ෂණ 2026 අප්‍රේල් 21 සිට

2023/2024 අ.පො.ස (උ/පෙළ) ප්‍රතිඵල පදනම් කරගෙන ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සඳහා ශික්ෂණලාභීන් තේරීමේ සම්මුඛ පරීක්ෂණ 2026 අප්‍රේල් 21 වනදා සිට ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

මෙම සම්මුඛ පරීක්ෂණ 2026 මැයි 08 වනදා දක්වා දිවෙන අතර, ඒවා අදාළ විද්‍යාපීඨ පරිශ්‍රයන් තුළ පැවැත්වීමට නියමිතය.

සම්මුඛ පරීක්ෂණ සඳහා තේරී පත් වූ අයදුම්කරුවන්ගේ නාමලේඛන සහ අවශ්‍ය ලේඛන විස්තර අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය හරහා පළකර ඇති බවද සඳහන් වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button