දේශපාලන

බඩු මිල අඩු කිරීමට සජිත් ප්‍රේමදාසගෙන් ආණ්ඩුවට ප්‍රබල ඉල්ලීමක්

ඉන්ධන, ගෑස්, ඖෂධ, ආහාර සහ පොහොර වැනි අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල පහත දමා ජනතාවට සහනයක් ලබාදෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි.

අද (12) හම්බන්තොට ප්‍රදේශයේ යෝධකන්ඩිය බෝධි මහා විහාරය, නාග මහා විහාරය සහ සිතුල්පව්ව මගුල් මහා විහාරය වෙත පැමිණ එහි වැඩසිටින ස්වාමීන් වහන්සේලා මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් සොයා බැලීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මෙම අදහස් පළ කළේය.

බඩු මිල ඉහළ යාම හේතුවෙන් රටේ සාමාන්‍ය ජනතාව දැඩි අසීරුතාවයකට මුහුණ දී ඇති බවත්, ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව විසින් මෙම තත්ත්වයට විසඳුමක් ලබා දෙනු ඇතැයි ජනතාව බලාපොරොත්තු වූවත් එය සිදුවී නොමැති බවත් ඔහු පැවසීය.

විදුලි බිල, ඉන්ධන, ගෑස් සහ ආහාර මිල අධික ලෙස ඉහළ යාම ජන ජීවිතයට බරපතළ බලපෑමක් එල්ල කර ඇති අතර, පොහොර හිඟය හේතුවෙන් රටේ ආහාර සුරක්ෂිතභාවයද අවදානමකට ලක්ව ඇති බව සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නේය.

මෙම බඩු මිල වැඩිවීමට විසඳුම් ලබාදීම සම්බන්ධයෙන් රජය සහ ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කරන බවත්, වර්තමාන අවස්ථාවේදී ඉන්ධන, ගෑස්, විදුලි බිල, ආහාර, පොහොර සහ ඖෂධ මිල පහත දැමීම අත්‍යවශ්‍ය බවත් ඔහු අවධාරණය කළේය.

එමෙන්ම, විශාල ජනතා සහාය ලබා බලයට පැමිණි වත්මන් රජයට තවමත් බඩු මිල පාලනය කිරීම සඳහා නිසි විසඳුමක් ලබාදීමට නොහැකි වී ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button