ප්‍රධාන පුවත්

අනාරක්ෂිත රිය ධාවන වීඩියෝ යොමු කිරීමට පොලීසියෙන් නව WhatsApp අංකයක්

අනාරක්ෂිත සහ අපරීක්ෂාකාරී රිය ධාවන සිදුවීම් සම්බන්ධ වීඩියෝ දර්ශන ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා පොලීසිය නව WhatsApp අංකයක් හඳුන්වාදී තිබේ.

පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයක් අනුව, මහජනතාවට 070-4755600 දුරකථන අංකය හරහා එවැනි වීඩියෝ පහසුවෙන් යොමු කළ හැකි වේ. මෙම සේවාව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ පැය 24 පුරා ක්‍රියාත්මක වන බව ද සඳහන් කර ඇත.

වීඩියෝ යොමු කිරීමේදී එම සිද්ධිය සිදු වූ දිනය, ස්ථානය සහ අදාළ පොලිස් වසම පැහැදිලිව සඳහන් කර යොමු කරන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button