විදෙස්

ඉරානයේ නව උත්තරීතර නායක මොජ්තබා කමේනි බරපතළ තුවාල ලැබූ බව වාර්තා

ඉරානයේ නව උත්තරීතර නායක මොජ්තබා කමේනි බරපතළ තුවාල ලබා මේ වනවිටත් ප්‍රතිකාර ලබමින් සිටින බව විදේශ මාධ්‍ය වාර්තා කරයි.

මැදපෙරදිග යුද ගැටුම් ආරම්භයේදී එල්ල වූ ප්‍රහාරයකින් එවකට උත්තරීතර නායක අයතුල්ලාහ් අලි කමේනි ජීවිතක්ෂයට පත්වූ අතර, එම අවස්ථාවේ ඔහුගේ පුත් මොජ්තබා කමේනිද ඒ අසල සිට ඇති බව සඳහන් වේ.

මධ්‍යම ටෙහෙරානයේ පිහිටි උත්තරීතර නායකයාගේ පරිශ්‍රයට එල්ල වූ එම ප්‍රහාරයෙන් මොජ්තබා කමේනිගේ මුහුණට දැඩි තුවාල සිදුව ඇති අතර, ඒ හේතුවෙන් මුහුණ විකෘති වී ඇති බවද ආරංචි මාර්ග උපුටා දක්වමින් වාර්තා කරයි. එමෙන්ම ඔහුගේ පාදයකට හෝ පාද දෙකටම ගැඹුරු තුවාල ඇති බවද පැවසේ.

දැනට 56 හැවිරිදි වියේ පසුවන ඔහු, තවමත් සුවය ලබමින් සිටින අතර, වීඩියෝ තාක්ෂණය හරහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ සම්බන්ධ වෙමින් යුද කටයුතු මෙහෙයවමින් සිටින බවද සඳහන් වේ.

ඉරානය දැඩි ආරක්ෂක හා දේශපාලන අර්බුදයකට මුහුණ දී සිටින මෙම අවස්ථාවේ, නව නායකයාගේ සෞඛ්‍ය තත්ත්වය රටේ අනාගතය පිළිබඳ තවත් ප්‍රශ්න  ඇති කළ හැකි බවද විදෙස් වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button