ප්‍රධාන පුවත්

නුවරඑළිය ප්‍රාදේශීය සභාපති දූෂණ චෝදනා මත අත්අඩංගුවට

නුවරඑළිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

විමර්ශන අනුව හෙළිවී ඇත්තේ, බල ප්‍රදේශය තුළ සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය බලපත්‍රයක් ලබාදීමේදී අනුගමනය කළ යුතු නියමිත නීතිමය ක්‍රියාපටිපාටි අනුගමනය නොකර ක්‍රියාකර ඇති බවයි.

2021 වසරේදී රජයට අයත් ඉඩමක් සඳහා ඉදිකිරීම් සැලසුමක් අනුමත කරමින්, අදාළ අයදුම්කරුට අයත් නොවන වාසියක් ලබාදීම මඟින් දූෂණ වරදක් සිදුකළ බවට මෙම චෝදනා එල්ල වී තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු අදාල නීතිමය ක්‍රියාමාර්ග සඳහා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button