
වැව් සංවර්ධන වංචාවක්: උතුරු මැද පළාතේ රු. කෝටි 60ක මුල්‍ය අක්‍රමිකතා පිළිබඳ CID විමර්ශන ඇරඹේ
පසුගිය පොදුපෙරමුණ පාලන සමයේ උතුරු මැද පළාතේ වැව් සංවර්ධනය කළ බව පවසමින් සිදුකර ඇති බවට චෝදනා එල්ල වන රුපියල් කෝටි 60කට අධික මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදුකර එහි ප්‍රගති වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) නියෝග කර තිබේ.
මෙම නියෝගය නිකුත් කර ඇත්තේ අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා වන සියපත් සසිදු වික්‍රමරත්න මහතා විසින් වන අතර, උතුරු මැද පළාත් සංවර්ධන නිර්මාණ හා යන්ත්‍රෝපකරණ ඒජන්සිය තුළ සිදුව ඇති බවට කියන මෙම මහපරිමාණ මුල්‍ය වංචාව පිළිබඳ CID විසින් ඉදිරිපත් කළ බී වාර්තාව සැලකිල්ලට ගනිමිනි.
CID විසින් අධිකරණයට දැනුම් දී ඇත්තේ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් එම ඒජන්සියේ වත්මන් සභාපතිවරයා විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර, වැව් සංවර්ධනය කළ බව පවසමින් වසර කිහිපයකට පෙර රුපියල් කෝටි 60කට අධික මුදලක් වංචා කර ඇති බවට චෝදනා කර ඇති බවයි.
තවද, සංවර්ධනය කළ බවට සඳහන් කළ කිසිදු වැවක් වත්මන් විමර්ශනවලදී හඳුනාගත නොහැකි වී ඇති බවත් එම පැමිණිල්ලෙන් අනාවරණය කර ඇති බවත් CID අධිකරණයට දැනුම් දී තිබේ.
මෙම සිද්ධිය සංකීර්ණ හා පුළුල් පරාසයකින් යුක්ත බැවින්, විමර්ශන කටයුතු දැනටමත් ආරම්භ කර ඇති අතර, ඒවා තවදුරටත් ඉදිරියට ගෙන යාම සඳහා අධිකරණයේ අවසරය ලබාදෙන ලෙස CID ඉල්ලා සිටී.
එමෙන්ම, මෙම මුල්‍ය වංචාවට සම්බන්ධ බවට සැක කෙරෙන රජයේ නිලධාරීන් හෝ වෙනත් පාර්ශව හඳුනාගතහොත්, ඔවුන් අත්අඩංගුවට ගෙන නීතිමය පියවර ගන්නා බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වැඩිදුරටත් දැනුම් දී තිබේ.



