යුද්ධ සහ ගැටුම්

ඉරානය අමෙරිකානු A-10 යානයක් බිම හෙලයි – F-15 සිද්ධියෙන් පසු තවත් උණුසුම් තත්ත්වයක්

හෝමූස් සමුද්‍ර සන්ධිය ආසන්නයේ ඉහළ අහසේදී ඉරාන ආරක්ෂක අංශ විසින් අමෙරිකානු A-10 වර්ගයේ යානයකට මිසයිල ප්‍රහාරයක් එල්ල කර බිම හෙලා ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. ප්‍රහාරය එල්ල වූ අවස්ථාවේ ගුවන් නියමුවා යානයෙන් පිටතට පැන දිවි බේරාගෙන ඇති බවද පැවසේ.

මෙම යානය ගමන් කරමින් තිබුණේ පෙරදින (03) ඉරානය විසින් බිම හෙළන ලද F-15 ප්‍රහාරක ජෙට් යානයේ ගුවන් නියමුවා සෙවීම සඳහා ක්‍රියාත්මක වූ මෙහෙයුමක කොටසක් ලෙස බව වාර්තා වේ. එම F-15 යානයේ සිටි කාර්ය මණ්ඩල සාමාජිකයෙකු අමෙරිකානු හමුදා විසින් බේරාගෙන ඇති බවද විදෙස් මාධ්‍ය පවසයි.

 ඊයේ දිනයේද ඉරානයට ඉහළින් පියාසර කළ අමෙරිකානු ප්‍රහාරක ජෙට් යානයක්ද වෙඩිතබා බිම හෙළා ඇති බවට තොරතුරු පළවී තිබුණි . රොයිටර්ස් පුවත් සේවය උපුටා දක්වන අමෙරිකානු නිලධාරියෙකු අනුව, දිවි ගලවාගත් අය සෙවීම සඳහා ගලවා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වෙමින් පවතී.

මෙම සිද්ධීන් සම්බන්ධයෙන් පෙන්ටගනය හෝ එක්සත් ජනපද මධ්‍යම අණදෙන නිලධාරීන් මෙතෙක් නිල ප්‍රතිචාරයක් ලබා දී නොමැති බවද වාර්තා වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button