
බාල ගල්අඟුරු වාර්තාව සඟවන්න උත්සාහයක්? – DV චානකගෙන් බලශක්ති ඇමතිට චෝදනා
බාල ගුණාත්මකභාවය සහිත ගල්අඟුරු මෙරටට ආනයනය කිරීම සම්බන්ධ වාර්තාව ප්‍රසිද්ධ කිරීම වැළැක්වීමට බලශක්ති අමාත්‍යවරයා උත්සාහ දරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා ප්‍රකාශ කරයි.
ඔහු පවසන්නේ, එම වාර්තාව ජනතාවට හෙළිදරව් නොකිරීමට අමාත්‍යවරයා විසින් දැඩි උත්සාහයක් ගනිමින් සිටින බවයි.
තවද, දින පහකට වැඩි කාලයක් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ රැඳී සිටමින් සම්බන්ධිත කටයුතු කිහිපයක් ක්‍රියාත්මක කරමින් ඇති බවටද චානක මහතා චෝදනා කර ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු හෙළිදරව් වනු ඇතැයි දේශපාලන වෘත්තීයවේදීන් අපේක්ෂා කරයි.
“ගල් අගුරු වංචාව මේ ආණ්ඩුවේ වංචාවක්. මේ ගල්අඟුරු වංචාව නිසා රටේ ලයිට් ටික නිවාගෙන යනවා. අවුරුදු කාලය එනවා, අවුරුදු උත්සවවලට ජෙනරේටර් භාවිත කරන්න වෙලා. හැබැයි ජෙනරේටර්වලට ඉන්ධන ගේන්න වෙන්නෙත් රජයටම තමයි.
ගල්අඟුරු වංචාව වහගන්න අද ජනතාවගේ ඇඟට විදුලිබිල දාලා. නොරොච්චෝලේ පළවෙනි රිපෝර්ට් එක ආවේ ජනවාරි 2 මාස 3ක් ගිහිල්ලත් බලශක්ති ඇමති නොරොච්චෝලේ ගියේ නෑ. හැබැයි විශ්වාසභංගයක් ගෙනාවාට පස්සේ ඇමති දැන් නොරොච්චෝලේට වෙලා ඒ වංචාව වහන්න උත්සාහයක් ගනිමින් ඉන්නවා.
ගල්අඟරු වංචාව වහන්න ඇමතිතුමා බලාගාරයට වෙලා ලොකු උත්සාහයක් ගනිමින් ඉන්නවා. රිපෝර්ට් එළියට නොදා. ගජ මිතුරෙක් දාලා මේක වහන්න හදනවා. දැන් ආණ්ඩුව කියන්න හදන්නේ දූෂණයක් තියනවා වගේ තමයි හැබැයි මේ හදන්නේ අපේ නෙවෙයි වරද කියන්න. රටේ විවිධ වංචා වෙනවා, මේ සියල්ලට විරුද්ධව දැන් පක්ෂ එකට එකතු වෙලා. සන්ධාන ගත වෙනවා එක එක දේවල් වෙනවා.”



