
අද විශේෂ
මහ සිකුරාදා ක්‍රිස්තුස් වහන්සේගේ දුක්ප්‍රාප්තිය සහ කුරුසියේ මරණය සිහිකරන පූජනීය දිනය අදයි
ක්‍රිස්තුස් වහන්සේගේ දුක්ප්‍රාප්තිය, කුරුසියේ ඇණ ගැසීම සහ මරණය සිහිකරන මහ සිකුරාදා දිනය අදට යෙදී තිබේ. අළු බදාදා දිනයෙන් ආරම්භ වූ චතාරික සමයේදී යැදුම්, උපවාස සහ පුණ්‍ය කටයුතු සිදු කරමින් එය මෙනෙහි කළ කිතුණු බැතිමතුන්, අද දිනයේ දේවස්ථානවල පැවැත්වෙන විශේෂ ආගමික වත්පිළිවෙත් සඳහා එක්වීමට නියමිතය.
මෙදිනට අදාළව ක්‍රිස්තුස් වහන්සේ කුරුසියේ තබා ඇණ ගැසීම සහ මරණය සිහිපත් කරමින් විශේෂ ආගමික වත්පිළිවෙත් ඉටු කිරීම සිදු වේ. එයට සමගාමීව කතෝලික දේවස්ථානවල පැය තුනක විශේෂ දේව මෙහෙයක්ද පැවැත්වීමට කටයුතු යොදා ඇත.
මහ සිකුරාදා දිනයෙන් අනතුරුව එළඹෙන ඉරිදා දිනයේදී ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මරණයෙන් උත්ථානය වූ බව කතෝලික බැතිමතුන්ගේ විශ්වාසය වන අතර, එය ලෝකය පුරා කිතුණුවන් විසින් උත්සවශ්‍රීයෙන් සමරනු ලබයි.



