
ප්‍රධාන පුවත්
2026 සිව්වන කාර්තුවේ විදුලි ගාස්තු සංශෝධනයක් අවශ්‍ය නැහැ – NSO
2026 සිව්වන කාර්තුවේ විදුලි ගාස්තු සංශෝධනයක් සිදුකිරීමේ අවශ්‍යතාවක් නොමැති බව NSO පෞද්ගලික ආයතනය පෙන්වා දී තිබේ.
2026 සිව්වන කාර්තුවේ විදුලි ගාස්තු සංශෝධනයක් නොකිරීමට හේතු
2026 ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා කාලය සඳහා විදුලි ගාස්තු ඉහළ නැංවීමක් අවශ්‍ය නොවන බව එම ආයතනය අවධාරණය කර ඇත.
2026 වසරේ සිව්වන කාර්තුව සඳහා යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් අද (05) පැවති පාර්ශ්වකරුවන්ගේ උපදේශන සාකච්ඡාවේදී NSO ආයතනය මේ බව දැනුම් දී තිබේ.
මෙම නිර්දේශය ඉදිරිපත් කිරීමේදී ජලාශවල පවතින ජල සංචිත මට්ටම් පිළිබඳව විශේෂ අවධානය යොමු කර ඇත.
එමෙන්ම එල් නිනෝ (El Niño) කාලගුණික තත්ත්වයන් යටතේ වුවද සාමාන්‍ය අගයට වඩා වැඩි වර්ෂාපතනයක් ලැබෙනු ඇතැයි පුරෝකථනය කර තිබීම ද මෙම තීරණයට බලපා ඇති බව සඳහන් වේ.



