
ප්‍රධාන පුවත්
නුවරඑළිය මහාධිකරණයෙන් මනුෂ්‍ය ඝාතන නඩු 3කට සැකකරුවන් 4ට මරණ දඬුවම
දිගු කාලයක් පුරා විභාගයට ලක්ව තිබූ මනුෂ්‍ය ඝාතන නඩු තුනකට අදාළව නුවරඑළිය මහාධිකරණය විසින් සැකකරුවන් සිව් දෙනෙකුට මරණ දඬුවම නියම කර තිබේ.
මෙම තීන්දුව අද (02) දින ප්‍රකාශයට පත් කර ඇත්තේ මහාධිකරණ විනිසුරු විරාජ් විරසුරිය මහතා විසින් බව වාර්තා වේ.
1998 වසරේ නානුඔය පොලිස් වසමේ සිදු වූ ඝාතන සිද්ධියක් සම්බන්ධයෙන් 47 හැවිරිදි චූදිතයෙකුට මරණ දඬුවම නියම කර ඇත.
එසේම, 2019 වසරේ පට්ටිපොළ ප්‍රදේශයේ තම මව, බිරිඳ සහ දරුවා ඝාතනය කළ බවට වරදකරු වූ 55 හැවිරිදි පුද්ගලයෙකුටද මරණ දඬුවම ලබා දී ඇත.
තවද, 1990 වසරේ බගවන්තලාව ප්‍රදේශයේ තියුණු ආයුධයක් භාවිත කර පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ 64 හා 62 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකුටද මරණ දඬුවම නියම කර ඇත.



