ප්‍රධාන පුවත්

ව්‍යාජ ලේඛන භාවිතා කර වාහන ජාවාරම් කළ කල්ලියක් අත්අඩංගුවට

බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාශය විසින් සිදු කළ විමර්ශනයකදී, ලියාපදිංචි බලපත්‍ර නොමැතිව වාහන සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම අත්අඩංගුවට ගැනීම සිදු වන්නේ ව්‍යාජ ලේඛන සකස් කරමින් වාහන ජාවාරම් කළ බවට සැක කෙරෙන පුද්ගලයෙකු සම්බන්ධයෙන් සිදුකළ විශේෂ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙසයි.

මීගහවත්ත හා කඳාන පොලිස් වසම්වල සිදුකළ මෙහෙයුම් අතරතුර, සැකකරුවන් සතුව තිබූ මෝටර් රථ 03ක්, ජීප් රථ 02ක්, ලොරි රථයක් සහ යතුරුපැදියක් පොලිස් භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 21, 39 සහ 44 අතර වන අතර, ඔවුන් කඳාන සහ මීගහවත්ත ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය සඳහන් කරයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාශය විසින් දැනටත් පවත්වාගෙන යයි.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button