අද විශේෂ

උසස් පෙළින් දිවයිනේ විශිෂ්ට දක්ෂතා දැක්වූ දූදරුවන් – 66%කට සරසවි වරම්

2025 A/L ප්‍රතිඵල නිකුත්යි, දිවයිනේ ප්‍රථම ස්ථාන විස්තර මෙන්න

 

2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) ප්‍රතිඵල ඊයේ (31) රාත්‍රියේ නිල වශයෙන් නිකුත් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය අද දින ප්‍රකාශ කළාය.

මෙවර ප්‍රතිඵල අනුව, සමස්ත අපේක්ෂකයින්ගෙන් සියයට 66ක් පමණ විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබාගෙන ඇති බවත්, ඒ අනුව සිසුන් 176,527 දෙනෙකු සරසවි වරම් සඳහා අයදුම් කිරීමට හැකියාව ලැබූ බවත් ඇය සඳහන් කළාය.

මෙම විභාගයට අපේක්ෂකයින් 281,810 දෙනෙකු සහභාගී වී ඇති අතර, අපේක්ෂකයින් 111 දෙනෙකුගේ ප්‍රතිඵල විවිධ හේතු මත අත්හිටුවා ඇති බවද විභාග දෙපාර්තමේන්තුව තහවුරු කළේය.

එමෙන්ම, මෙවර දිවයිනේ ප්‍රථම ස්ථාන දිනාගත් සිසුන් අතර ජීව විද්‍යා විෂය ධාරාවේ ප්‍රථම ස්ථානය කොළඹ රාජකීය විද්‍යාලයේ ඩිලාන් සංජන විසින් හිමිකරගෙන ඇත. දෙවන ස්ථානය හොරණ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලයේ ක්‍රිෂාන් සසිදු නම්තරට හිමිව ඇති අතර, තෙවන ස්ථානය ත්‍රිකුණාමලයේ ශ්‍රී ෂන්මුගා හින්දු බාලිකා විද්‍යාලයේ දර්ශනා කෝනේෂ් විසින් ලබාගෙන ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button