
සංවිධානාත්මක අපරාධ මැඩලීමට ප්‍රබල නීති පනතක් – සති දෙකක් තුළ ඉදිරිපත් කිරීමේ සැලසුම
කොඩිතුවක්කු මහතා පවසයි.
මත්ද්‍රව්‍ය ජාවාරම් සහ සංවිධානාත්මක අපරාධ මැඩලීම පිළිබඳව පැවැත්වූ මාධ්‍ය වැඩසටහනකදී අදහස් දැක්වූ ඔහු සඳහන් කළේ, මෙම නව පනත මගින් නීතිය ක්‍රියාත්මක කිරීම තවදුරටත් ශක්තිමත් කරන බවයි.
එමෙන්ම, නව නීති ක්‍රියාත්මක වූ පසු දැනට බන්ධනාගාර ගත කර ඇති සහ සංවිධානාත්මක අපරාධ සම්බන්ධයෙන් වැරදිකරුවන් ලෙස සනාථ වී සිටින පුද්ගලයන් නැවත පොලිස් භාරයට ගෙන වැඩිදුර විමර්ශන සිදු කිරීමටද හැකියාව ලැබෙන බව ඔහු වැඩිදුරටත් පැවසීය.
“නීතියේ හිඩැස් නං මේක වසන්කරලා හංගලා බැහැ. අදටත් මේ සම්බන්ධව මේ පුද්ගලයින්ට අපි රඳවා තබා ගන්නේ ත්‍රස්තවාදී සම්බන්ධව තිබෙන පනතින්. මේ සම්බන්ධයෙන් තව සති දෙකක් තුළ ඉතාම ප්‍රබල නීතියක් එනවා. සංවිධානාත්මක අපරාධකාරයින්ටම වෙන් වුණ නීතියක්. ඉතාම ප්‍රබල නීතියක්. අපි අපරාධකාරයෝ වැරදිකාරයෝ කරලා, ඇතුලේ ඉන්නවා වැරදිකාරයේ කරලා ප්‍රබල නම් තියෙන අය. මිනිස්සු බොරුවට බය වෙන නම් තියෙන මිනිස්සු ඉන්නවා. නමුත් ඒ මිනිස්සු නැවත කරන අපරාධවලට, බන්ධනාගාරයෙන් එළියට අරගෙන පොලිස් බාරයේ තබාගෙන විමර්ශනය කිරීමේ හැකියාව ඒ පනතින් එනවා. කාටවත් අතුලට වෙලා එහෙම කරන්න බෑ. තව තව දේවල් තියෙනවා. විදේශ රටවල ඉන්වා නම් ඒ අයගේ දේපොළ සම්පූර්ණයෙන් තහනමට ගන්න දැනටමත් තියෙනවා ඒ නීතිය. නීතිවිරෝධී ලෙස හම්බකරන දේපොළ යටතේ පසුගිය කාලේ අපි රාජසන්තක කළ දේපොළ. බිලියන ගණන් දේපොළ අපි රාජසන්තක කරලා තියෙනවා.”



