
නුවරඑළියේ පළමු ශ්‍රේණියේ දරුවන් 60%කට මුඛ සෞඛ්‍යය ගැටලු
නුවරඑළිය දිස්ත්‍රික්කයේ පාසල්වල පළමු ශ්‍රේණියට ඇතුළත් වන දරුවන් අතර මුඛ සෞඛ්‍යය පිළිබඳ ගැටලු බරපතළ මට්ටමකට ළඟා වී ඇති බව අනාවරණය වී ඇත. මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය එම්. එච්. ඒ. එම්. ඉර්ෂාන් මහතා පෙන්වා දෙන්නේ, එම දරුවන්ගෙන් සම්පූර්ණයෙන්ම 60%ක් පමණ දත් දිරායාමේ ගැටලුවට ලක්ව ඇති බවයි.
මෙම තොරතුරු හෙළිදරව් කරනු ලැබුවේ ලෝක මුඛ සෞඛ්‍ය දිනය සමඟාමීව මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පැවති දැනුවත් කිරීමේ ප්‍රදර්ශනයකදීය. වසර කිහිපයකට පෙර සිදුකළ සායනික සමීක්ෂණයකින් මෙම තත්ත්වය හඳුනාගෙන ඇති බවද වෛද්‍යවරයා සඳහන් කළේය.
විශේෂයෙන් අඹගමුව, මස්කෙළිය සහ බගවන්තලාව යන සෞඛ්‍ය කොට්ඨාස තුළ මෙම ගැටලුව තවදුරටත් දැඩිව පවතින බව ද ඔහු අවධාරණය කළේය.
එමෙන්ම, මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන එක්කරමින්, දරුවන්ගේ සහ දෙමාපියන්ගේ දැනුවත්භාවය වැඩිදියුණු කිරීමේ අරමුණින් නිරෝගී මුඛ සෞඛ්‍ය පුරුදු ප්‍රවර්ධනය කරමින් විශේෂ ප්‍රදර්ශනයක් සිව්වන වරටත් සංවිධානය කර තිබේ.
මෙවැනි දැනුවත් කිරීමේ වැඩසටහන් හේතුවෙන්, දරුවන්ගේ දුර්වල මුඛ සෞඛ්‍ය තත්ත්වය සාර්ථකව අඩු කිරීමට හැකි වී ඇති බවද වෛද්‍ය එම්. එච්. ඒ. එම්. ඉර්ෂාන් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.



