ව්‍යාපාරික

පල්ලම් බසින රන් මිල

යුද ගැටුම් හේතුවේන් ලොවතුල පවතින අස්ථාවර ආර්ථික තත්වය හමුවේ ලෝක වෙළෙඳපොළ තුළ රන් මිලෙහි ද පසුබෑමක් පසුගිය දින කිහිපයේදීම දක්නට ලැබීය .

 

ඊට සාපේක්ෂව මෙරට රන් මිල ද අඛණ්ඩව අද දිනයේත්  රුපියල් 5,000කින් පහළ ගොස් ඇත එය පසුගිය සතියට සාපේක්ෂව රු 38,000ක පමණ පහළ යෑමක් බව වෙලඳපල ආරන්චි මාර්ග පෙන්වාදේ.

 

කෙසේ හෝ පසුගිය සතියේ 17 වනදා  රුපියල් 408,000ක් ලෙස සඳහන් වූ කැරට් 24ක රන් පවුමක මිල අද (24) රුපියල් 370,000ක් ලෙස සටහන් වෙයි.

 

ඊට සාපේක්ෂව, පසුගිය 17 වනදා රුපියල් 375,300ක් වූ කැරට් 22 රන් පවුමක් අද දින රුපියල් 340,400 ක් ලෙස සඳහන් වෙයි.

 

ලෝක රන් මිල අද දිනයේ ද පහළ ගොස් ඇති අතර, ඒ අනුව අද දිනයේ ලෝක රන් වෙලඳපලේ රන් අවුන්සයක මිල ඩොලර් 4,344ක් ලෙස දැක්වුණි.

 

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button