ප්‍රධාන පුවත්

යුධ ගැටුම් හමුවේ සෞදි ඇරම්කෝ යළි ආසියාවට තෙල් සැපයුම කප්පාදු කරයි

ලෝකයේ විශාලතම බොරතෙල් අපනයන සමාගමක් වන සෞදි ඇරම්කෝ, 2026 අප්‍රේල් මාසය සඳහා ආසියානු වෙළඳපොළට සැපයෙන තෙල් ප්‍රමාණය නැවත වරක් අඩු කිරීමට පියවර ගෙන ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

මෙම තීරණයට ප්‍රධාන හේතුව ලෙස සඳහන් වන්නේ අමෙරිකා–ඊශ්‍රායල සහ ඉරාන අතර උත්ගත වී ඇති යුදමය ආතතිය හේතුවෙන් හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා සිදුකරන තෙල් ප්‍රවාහනයට ඇති වූ බාධා වේ.

ඒ අනුව, අප්‍රේල් මාසය තුළ සෞදි ඇරම්කෝ විසින් රතු මුහුදේ යාන්බු වරාය හරහා අපනයනය කරන ‘Arab Light’ වර්ගයේ බොරතෙල් පමණක් පාරිභෝගිකයන් වෙත සැපයීමට තීරණය කර තිබේ.

මෙම සැපයුම් සීමා කිරීම හේතුවෙන් ආසියානු තෙල් පිරිපහදු කර්මාන්තය දැඩි බලපෑමකට ලක්ව ඇති අතර, එම පිරිපහදුවල නිෂ්පාදන ක්‍රියාවලියද සීමා වීමට ඉඩ ඇති බව සඳහන් වේ.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button